"යුද්දේ ඉවර වුණාට පස්සේ මම එයාගෙන් ඇහුවා 'ඇයි දැන් හමුදාවක් ඕන වෙන්නේ' කියලා. එයා මට කිව්වා මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා..." - රංගන ශිල්පිනී අශිකා මතසිංහ - Photos
Sunday, 17 May 2020 - 12:45 | Views - 1,302
එයා රට රකිද්දී මම එයාව රකිනවා.
යුද්දේ ඉවර වෙලා සතියකට පස්සේ තමයි මමයි සුරේන්ද්‍රයි විවාහ වුණේ..
 
ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් අශිකා මතසිංහ ගැනනම් නොදන්න කෙනෙක් නැතිතරම්. ඇය පසුගියදා සති පුවත්පතක සංවාදයකට එක්වෙමින් සිය සැමියා ගැන තොරතුරු පවසා තිබුනා. ඇගේ සැමියා ගුවන් හමුදා නිලධාරියෙක්. අද සිය රාජකාරිය දේවකාරිය කරගෙන රට වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔහු ගැන අශිකා පැවසුවේ මෙවැන්නක්.

අදාළ සටහන පහතින්
 
යුද්දේ ඉවර වෙලා සතියකට පස්සේ තමයි මමයි සුරේන්ද්‍රයි විවාහ වුණේ. මැයි 25 තමයි අපේ විවාහ මංගල්‍ය තිබ්බේ. ඒ කාලේ වෙද්දි මට හමුදාව ගැන මගේ කෙනෙක්ගෙන් අත්දැකීම් ලැබිලා තිබ්බේ නෑ. සුරේන්ද්‍රව විවාහ කරගත්ත දවසේ ඉඳන් එයා හරිම කාර්යබහුල කෙනෙක්. අපි විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා. එයා යන යන කෑම්ප්වලට අපි පවුලත් එක්කම ගිහින් නතර වෙලා හිටියේ. අනුරාධපුර කෑම්ප් එකේ අවුරුදු තුනක් විතර හිටියා. සුරේන්ද්‍ර ගුවන් හමුදාවේ සේවය කරන්නේ.
 
යුද්දේ ඉවර වුණාට පස්සේ මම එයාගෙන් ඇහුවා 'ඇයි දැන් හමුදාවක් ඕන වෙන්නේ' කියලා. එයා මට කිව්වා මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා. එයා මට තේරුම් කළා ඒ සේවය. එයා වගේම ආරක්ෂක අංශයේ බොහෝදෙනා කරන කැපවීම අපි දකිනවා. ගිය අවුරුද්දේ බෝම්බ පිපිරුව වෙලාවෙත් සුරේන්ද්‍ර වගේම ආරක්ෂක අංශයේ සියලුදෙනා එළියේ වැඩ කළේ. ඉතින් මමත් නිතරම බයේ හිටියේ. පිරිත් කිය කිය එයාට වගේම සියලු රණවිරුවන්ට ආශීර්වාද කරමින් හිටියේ. එයාලා හැම වෙලාවෙම හිතන්නේ රට ගැන.
 
රාජකාරිය දේවකාරිය විදිහට සලකලා ඒ වෙනුවෙන් හැම රණවිරුවෙක්ම කැප වෙලා ඉන්නේ. ඔහු ගැන මට ආඩම්බරයි. ඒත් මගේ තාත්තා පොඩි කාලේ නැති වුණු නිසා මම සුරේන්ද්‍රට නිතරම කියන්නේ අපේ ළමයි ගැනත් හිතන්න කියලා. එයා අපි වෙනුවෙන් ඉටු කරන්න ඕන යුතුකම් මඟ හරින්නෙත් නැහැ. සුරේන්ද්‍ර දැන් ගුවන් හමුදාවට බැඳිලා අවුරුදු 22ක්. එයාට සේවයෙන් අයින් වෙන්න පුළුවන් වුණත් එයා කියන්නේ අපි රට රකින්න ඉන්න ඕනේ කියලා.
 
මමත් රට ජාතියට ආදරෙයි. අපිට කරන්න බැරි දේවල් මගේ සැමියා රට වෙනුවෙන් කරන එක ගැන ආඩම්බරයි. එයා රට රකිද්දී මම එයාව රකිනවා. මේ කොරෝනා වසංගත කාලෙදි වුණත් ඔහු සේවයට කැප වෙලා ඉන්නේ. රෑටත් වැඩ. එයා ගෙදර ආපු ගමන් ඇඳුම් පිරිසුදු කරලා, එයාට පිරිසුදු වෙන්න දේවල් හදලා දීලා කොත්තමල්ලි තම්බලා බොන්න දීලා. එයාව පරිස්සම් කරනවා. සමහර වෙලාවට එයා එළියට ගිහින් ආවම දරුවෝ ගාවට යන්න විදිහක් නැහැ. එයාට රට රකින්න දීලා අපි එයාව රැකගෙන ඉන්නවා.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ - මව්බිම




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top