කොළඹ සහ ගම්පහ විවෘත කර ඇති ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ගැන සොයා බැලීමක් (වීඩියෝ)
Sunday, 17 May 2020 - 12:26 | Views - 720
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමේ දී එම ප්‍රදේශවල විවෘත කර ඇති පාරිභෝගික සේවා සපයන ආයතන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්නේ ද යන්න සොයා බැලීමක් සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොළඹ නගරයේ ඇතැම් ආයතන සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කර නොමැති බවට බුද්ධි අංශ ද අනාවරණ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියාසිටියේ.
හෙට දිනයේ සිට හෝ එම සෞඛ්‍ය පුරුදු සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ කටයුතු කරන ලෙසට එම ආයතන හිමිකරුවන්ට දැනුම්දෙන බව ඔහු සඳහන් කළා.
එසේ නොමැතිවුවහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා.
Share This Article