කොරෝනා ආසාදිතයන් 90,000 ඉක්මවූ ඉන්දියාව
Sunday, 17 May 2020 - 12:09 | Views - 692
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 4,987ක් වාර්තාවී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාවද 90,927 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2,827ක්.
ඉන් මරණ 120 ක් ඊයේ දිනයේදී වාර්තාවී තිබෙනවා.
කොවිඩ් 19 ආසාදිතයන් 34,000 ක් මේ වනවිට සුවය ලබා ඇති අතර, ඒ අනුව සුවය ලැබීමේ අනුපාතය සියයට 37.5 ඉක්මවන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් බහුතරයක් වාර්තාවන්නේ මහාරාෂ්ඨ, දිල්ලි, ගුජරාට සහ තමිල්නාඩු ප්‍රාන්තවලින්.
Share This Article