කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පසුගිය මාර්තු 20 වනදා සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගතවූ කාලය තුළ පුද්ගලයින් 56,326ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලසීමාවේදී රථවාහන 15,490 ක් පොලිස් භාරයට ගත් බවයි.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව පුද්ගලයින් 13,556 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, ඊට අදාළව දඩුවම් නියම කළ සංඛ්‍යාව 5,221ක්.