ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු යළි දිවයිනේ වායු දුෂණය ඉහළ ගොස් ඇති බව අනාවරණ වනවා.
ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩු වීම හේතුවෙන් වායු දුෂණය සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර, යළි එය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට වායු දුෂණය සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියා සිටියේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ගෝලීය වායු දුෂණය සහ කාබන්ඩයොක්සයිඞ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටුණා.
නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සදහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි.