දින 16ක් තුළ කොළඹින් කිසිඳු ආසාදිතයෙකු නැහැ
Saturday, 16 May 2020 - 20:52 | Views - 1,044

කොරෝනා වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 43 දෙනෙකු අද දිනයේදීත් රෝහල්වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 520 ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, කොළඹ නගරය තුළින් අවසන් කොරෝනා ආසාදිත රෝගියා වාර්තා වී අදට දින 16 ක් ගත වී ඇති අතර මෙතෙක් ඒ ආශ්‍රිතව රෝගියෙකු වාර්තා වී නොමැති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි සඳහන් කළේ.
මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 937ක් දක්වා ඉහළ ගියේ අද දිනයේදී ද තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි.
ඉන් එක් අයෙකු මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි අයෙක්.
වෛරසය ආසාදිතව පුද්ගලයින් 408 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මේ අතර, නාවික හමුදා සෙබලූන් 177 දෙනෙකු ද අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
එමෙන්ම, නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන් 49 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව අද නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 17 දෙනෙකු ද අද නිවෙස් වෙත පිටත් කර යවනු ලැබුවා.
හුදකලා කර තිබීයදී ඊයේ විවෘත කෙරුණු කොළඹ - බණ්ඩාරනායක මාවතේ ජනතාවගෙන් සාම්පල ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකර තිබෙනවා.
එමෙන්ම කොළඹ මහනගර සභාව විසින් මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ 3152ක් සිදුකර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුනි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ජපානයේ රැදී සිටි පුද්ගලයින් 235 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 455 දරණ විශේෂ ගුවන් යානය අද අලූයම මෙරටට පැමිණියා.
මීට අමතරව, මියන්මාරයේ රැදී සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 74 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණ තිබුණා.
Share This Article