අද රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය
Saturday, 16 May 2020 - 19:18 | Views - 629
අද රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා දිවයින පුරා යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර ප්‍රකාශ කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවල 18 වන සඳුදා අලූයම 5ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 8 සිට අලූයම 5 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුර දී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල 18 වන සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිනයේ සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 55,863ක්.

පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 15,298ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

මේ අතර, අද සෙනසුරාදා දිනයක් වූ බැවින් දුම්රිය මගින් රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් කොළඹට ප්‍රවාහනය නොකෙරුණු අතර, ඒ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය හුදකලා ස්වභාවයක් ගත් බව අප වාර්තාකරු සඳහන් කළා.

ලබන සතියේ නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලූම කාර්යන් සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමා කිරීම් වලට යටත්ව මේ මස 20 වනදා සිට යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සේවාලාභීන්ට වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සේවාවන් සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන ලබා ගත හැකියි.

ඇඳිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටි පිරිස් ගම්බිම් බලා පිටත් කර යැවීමේ තවත් අදියරක් අද කළුතරදී පැවැත්වුණා.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්තකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර මහරගම නගරයේ පදික වේදිකාවේ රෙදිපිළි අලෙවි කරන්නන් ද, අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිය අලෙවි කටයුතු සිදුකරගෙන යාම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top