ශ්‍රී ලංකාවට "ඊළාම්" සම්බන්ධ කරමින් "ද ගාඩියන් ට්‍රැවල්" විමසූ ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්
Saturday, 16 May 2020 - 18:28 | Views - 616

බ්‍රිතාන්‍යයේ ගාඩියන් අන්තර්ජාල පුවත්පතේ ශ්‍රී ලංකාවට ඊළාම් සම්බන්ධ කරමින් යොමුකර ඇති ප්‍රශ්ණාවලිය ඉවත් කරගන්නා ලෙසට ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම පුවත්පතේ ඊයේ සංස්කරණයේයි මෙම ප්‍රශ්ණාවලිය පළවී තිබී ඇත්තේ.
සෑම සතියකම එම පුවත්පතේ මෙලෙස ප්‍රශ්ණ යොමුකරන අතර ඊයේ එමගින් විමසා ඇත්තේ දුපත් පිළිබඳ ප්‍රශ්ණාවලියක්.
එහිදී දෙවන ප්‍රශ්නය ලෙසට විමසා ඇත්තේ ඊළාම් යනුවෙන් දේශීයව හඳුන්වන දුපතේ සැබෑ නම කුමක් ද යන්නයි.
ඊට ලබාදී ඇති පිළිතුරු කිහිපය අතර නිවැරදි පිළිතුර ලෙසට ඔවුන් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව යන පිළිතුරයි.
ශ්‍රී ලංකාව ලෙසට පිළිතුර ලබාදෙන්නෙකුට නිවැරදි පිළිතුර ලෙසට මෙරට පැවති යුදමය වාතාවරණය පිළිබඳ දක්වමින් එහි නම එල්.ටී.ටී.ඊ දෙමළ ඊළාම් විමුක්ති කොටි යනුවෙනුයි සඳහන් කර තිබී ඇත්තේ.
විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, මේ සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා විසින් ගාඩියන් පුවත්පතේ කතෘ එලිසබෙත් රිබන්ස් වෙත පිටපතක් සමග ප්‍රධාන කර්තෘ කැතරින් විනර් වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්ණය ඉවත් කරගන්නා ලෙසටයි.
කෙසේවෙතත් මේවන විට "ද ගාර්ඩියන්" පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශනයේ ඊයේ දිනයට අදාළව තිබූ එම ප්‍රශ්ණාවලිය මේ වන විට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
Share This Article