ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 936ක් දක්වා ඉහළට
Saturday, 16 May 2020 - 17:02 | Views - 1,157
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 936ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමගයි.
මේ වන විට හඳූනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 407 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 520 දෙනෙකු රෝහල්වලින් පිටවී ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 9ක්.
මේ අතර, නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන් 49 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව අද නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි 18 දෙනෙකු සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 31 දෙනෙකු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙලෙස නිවෙස් වෙත යොමුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
එම පිරිස තවත් දින 14 ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය සඳහා ද යොමු කිරීමටයි කටයුතු කෙරෙන්නේ.
මේ අතර, යුද හමුදාව විසින් පවත්වාගෙන යන මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයින් 17 දෙනෙකු ද අද නිවෙස් වෙත පිටත් කර හරනු ලැබුවා.
Share This Article