ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අව්රලියා ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ඒවායේ ගමන් ගත් සංක්‍රමණික සේවකයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬලීම සඳහා නගර වසා දැමීමෙන් රැකියා අහිමිව ගම්බිම් බලා යන ශ්‍රමිකයන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්. රාජස්ථාන් සහ දිල්ලි සිට බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලයේ පිහිටි ගම්මාන පිහිටි ගම්මාන වෙතයි මෙම ලොරි රථ ගමන්ගෙන ඇත්තේ.
පසුගිය සතියේ මෙලෙස දුම්රිය මාර්ගය ඔස්සේ සිය ගම්බිම් බලා යමින් සිටි සංක්‍රමණික සේවකයන් 16 දෙනෙකු දුම්රියට හසුවී ජීවිතක්ෂයට පත්වුණා.
ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 85,784 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් කොරෝනා මරණ 2753ක් ද වාර්තා වුණා.
ඒ අනුව මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව චීනය ද අභිබවනවා.