ඉන්දියාවේ රිය අනතුරකින් සංක්‍රමණික සේවකයින් 24ක් මිය යයි
Saturday, 16 May 2020 - 15:55 | Views - 753
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අව්රලියා ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් ගැටී අද අලූයම සිදුවූ අනතුරකින් ඒවායේ ගමන් ගත් සංක්‍රමණික සේවකයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය මැඬලීම සඳහා නගර වසා දැමීමෙන් රැකියා අහිමිව ගම්බිම් බලා යන ශ්‍රමිකයන් මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්. රාජස්ථාන් සහ දිල්ලි සිට බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලයේ පිහිටි ගම්මාන පිහිටි ගම්මාන වෙතයි මෙම ලොරි රථ ගමන්ගෙන ඇත්තේ.

පසුගිය සතියේ මෙලෙස දුම්රිය මාර්ගය ඔස්සේ සිය ගම්බිම් බලා යමින් සිටි සංක්‍රමණික සේවකයන් 16 දෙනෙකු දුම්රියට හසුවී ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වන විට 85,784 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් කොරෝනා මරණ 2753ක් ද වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව චීනය ද අභිබවනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top