අම්ෆන් සුළි සුළඟ චන්ඩ මාරුතයක් වන ලකුණු
Saturday, 16 May 2020 - 14:07 | Views - 1,910
බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළදී චන්ඩ මාරුතයක් බවට වර්ධනය වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට දකුණු ඉන්දියාවේ ඔඞීෂා වෙරළට කිලෝමීටර් 1250 ක් ඈතින් ස්ථානගත වී ඇති සුළි සුළං පද්ධතියේ වේගය පැයට කිලෝමීටර් 95 දක්වා වර්ධනය වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.
අම්ෆන් සුළි සුළඟ හේතුවෙන් ආන්ද්‍ර ප්‍රදේශ්, ඔඞීෂා සහ බටහිර බෙංගාල වෙරළට ඔබ්බෙන් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස දැනටමත් උපදෙස් ලබා දී ඇත්තේ එහි මුහුදු රළ ප්‍රචන්ඩ වීම හේතුවෙන්.
එමෙන්ම, සුළි සුළඟත් සමඟ එම ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරෙනවා.
අම්ෆන් සුළි සුළඟ ඉන්දීය සාගරයේ අන්දමන් සහ නිකොබාර් දිවයින්වලට ද බලපානු ඇති බව සඳහන්.
මෙම සුළි සුළං පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට මේ වනවිට අධික වැසි සහිත කාලගුණයක් ඇතිවී තිබෙනවා.
Share This Article