වඳුරන් යොදාගෙන කල කොරෝනා එන්නත් පරීක්ෂණය සාර්ථකයි
Saturday, 16 May 2020 - 14:04 | Views - 2,373
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව නිපද වූ එන්නතක් වඳුරන්ට එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයන් විසින් නිපදවූ මෙම එන්නත ලබාදී ඇත්තේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන මැකාක් වඳුරන්ටයි.

කොවිඩ් ටු හෙවත් සාස් වෛරසයට එන්නත් කළ වඳුරන් නිරාවරණය කර ඇති අතර, එහිදී ඔවුන්ගේ පෙනහළු සහ ශ්වසන  මාර්ගයට වෛරසය ඇතුළු වී ඇත්තේ සුළු වශයෙන්.

ඒ අනුව එම එන්නත මගින් වඳුරන්ට නියුමෝනියාවට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනගා ඇති බව විශ්වාස කෙරෙනවා.

මෙලෙස වඳුරන් සඳහා සාර්ථක වුවද එය මිනිසුන්ට ඒ ආකාරයෙන්ම ක්‍රියා කරන්නේ ද යන්න සහතික කළ නොහැකි බවයි පර්යේෂකයන් සඳහන් කළේ.

කෙසේ නමුත්, මෙම එන්නත අත්හදා බැලීම සඳහා යොදා ගත් රීසස් මැකාකේස් වඳුරු විශේෂයේ පවතින්නේ මිනිසාට සමාන ප්‍රතිශක්තිකරණ පද්ධතියක්.

මේ අතර, ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් නයින්ටීන් එන්නත අත්හදා බැලීමේ කටයුතු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආරම්භ වී ඇති අතර, එම එන්නත පුද්ගලයන් දහසක නියැදියකට ලබාදීමට නියමිතයි.

එමෙන්ම, කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ එන්නතක් ඖෂධ පෙත්තක ආකාරයෙන් අත්හදා බැලීමට ඇමරිකානු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සූදානම් වනවා.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විශේෂඥ ෂෝන් ටකර්ගේ කණ්ඩායම එම ප්‍රතිශක්තිකරණ පෙත්ත මේ වන විට කැලිෆෝනියා පරීක්ෂණාගාරයේ අත්හදා බලන බව සඳහන්.

එහි මානව අත්හදා බැලීම් ජුලි මාසයේ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වැක්ස්ආට් නැමති ජෛව තාක්ෂණික සමාගම වෙනුවෙන් මෙම ප්‍රතිශක්තිකරණ පෙත්ත නිපදවා ඇත්තේ මුඛයෙන් ලබාදෙන එන්නත් ආශ්‍රයෙන්.

සාමාන්‍ය ප්‍රතිශ්‍යාවට හේතුවන මළ ඇඩිනෝවෛරස් ඒ සඳහා යොදාගෙන ඇති අතර, මීයන්ට ලබාදුන් එම ප්‍රතිශක්තිකරණ ඖෂධය සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇති බවයි ඬේලිමේල් පුවත්පත වාර්තා කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top