අද රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා, දිවයිනටම ඇඳිරි නීතිය
Saturday, 16 May 2020 - 13:58 | Views - 1,037

අද රාත්‍රී 8 සිට සඳුදා අලූයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවල ඊයේ රාත්‍රී 8 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලූයම 5ට ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.
කෙසේ වෙතත්, කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල 18 වන සඳුදා අලූයම 5ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු 23 වන සෙනසුරාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලූයම 5 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුර දී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වන සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙල අද දිනය දක්වා ක්‍රියාත්මකයි.
ඒ අනුව 18 වන සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු අදාළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.
මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිනයේ සිට අද පෙරවරු 6 දක්වා කාලසීමාව තුළ දී ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 12,482කට නඩු පවරා තිබෙනවා.
එහිදී 4808 දෙනෙකුට නඩු පැවරීමට අදාළ දඩුවම් නියම කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.
මීට අමතරව ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගල සංඛ්‍යාව 55,706ක් වනවා.
Share This Article