තද වැසි, නායයාම් අවදානම් සහ ගංගාවල ජල මට්ටම් ඉහළට - කාලගුණයෙන් අවවාද
Saturday, 16 May 2020 - 8:52 | Views - 633
දිවයිනේ පළාත් රැසකට තද වැසි මෙන්ම නායයාම් අවදානම් පවතින බවත් ජලාශ රැසක ජල මට්ටම ඉහල ගොස් ඇති බවත් වාර්තා වනවා.

දකුණ, බස්නාහිර, සබරගමුව මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200කට වැඩි තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර රටේ සෙසු පළාත්වල ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.  

උතුරු මද, ඌව, සහ නැගෙනහිර පළාත්වල මිලි මීටර් 100ට වැඩි වර්ෂාවක් ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි ගැන විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම නිවේදනය අද(16) අලුයම 3 සිට හෙට(17) අලුයම 3 දක්වා වලංගු බවද එහි සඳහන්.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතරඑය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද ,ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවද දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(16) උදෑසන05.30 ට නිකුත් කළ තවත් නිවේදනයක සඳහන්.

සෙසු පළාත් වල විශේෂයෙන් ඌවසහනැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එහි දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිස්ත්‍රික්ක 9 කට නාය යෑමේ අවදානමක්  ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

එමෙන්ම කළු, කැළණි, ගිං, ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා ඒ අවට ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top