කොවිඩ් -19 වෛරසයට එරෙහිව නිපද වූ එන්නතක් වඳුරන්ට එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වනවා.
ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනයේ සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඞ් සරසවියේ පර්යේෂකයන් විසින් නිපදවූ මෙම එන්නත ලබාදී ඇත්තේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන මැකාක් වඳුරන්ටයි.
කොවිඩ් 2 හෙවත් සාස් වෛරසයට එන්නත් කළ වඳුරන් නිරාවරණය කර ඇති අතර, එහිදී ඔවුන්ගේ පෙනහළු සහ ශ්වසන මාර්ගයට වෛරසය ඇතුළු වී ඇත්තේ සුළු වශයෙන්.
ඒ අනුව එම එන්නත මගින් වඳුරන්ට නියුමෝනියාවට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනගා ඇති බව විශ්වාස කෙරෙනවා.
මෙලෙස වඳුරන් සඳහා සාර්ථක වුවද එය මිනිසුන්ට ඒ ආකාරයෙන්ම ක්‍රියා කරන්නේ ද යන්න සහතික කළ නොහැකි බවයි පර්යේෂකයන් සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙම මුදල අත්හදා බැලීම සඳහා යොදා ගත් රීසස් මැකාකේස් වඳුරු විශේෂයේ පවතින්නේ මිනිසාට සමාන ප්‍රතිශක්තිකරණ පද්ධතියක්.
මේ අතර, ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොවිඩ් -19 එන්නත අත්හදා බැලීමේ කටයුතු මේ වන විට බ්‍රිතාන්‍යයේ ආරම්භ වී ඇති අතර, එම එන්නත පුද්ගලයන් දහසක නියැදියකට ලබාදීමට නියමිතයි.