කැළණි, ගිං, කළු ගංඟා මෙන්ම අත්තනගලූ සහ මාඔයෙහි ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කැළණි ගඟ හොලොම්බුව, කිතුලගල සහ නෝර්වුඩ් ප්රදේශවලින් අවදානම් මට්ටමට පැමිණ ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සදහන්.
කළු ගඟ ද රත්නපුර ප්රදේශයෙන් අවදානම් මට්ටමක පවතිනවා.
ගිං ගඟ තවලම ප්රදේශයෙන් අවදානම් මට්ටමක පවතින අතර අත්තනගලූඔය දූනමලේ ප්රදේශයෙන් අවදානම් මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
මාඔය - ගිරිඋල්ල ප්රදේශයෙන් අවදානම් මට්ටමක පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.