බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ සහන කාලය තවදුරටත් දීර්ඝ කෙරේ
Friday, 15 May 2020 - 16:27 | Views - 1,196
බස්නාහිර පළාතේ කල් ඉකුත්වී ඇති වාහන ආදායම් බලපත්ර අළුත් කරවා ගැනීම සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් දීර්ඝ කර ඇති බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරයා පවසනවා.
ඒ අනුව දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්ර සඳහා ලබන ජුලි මස 31 වනදා දක්වා සහන කාලයක් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
ඒ අනුව පසුගිය මාර්තු මස 20 වනදා සිට ජුලි මස 31 වනදා දක්වා කාල සීමාව තුල කල් පිරෙන වාහන ආදායම් බලපත්ර අළුත් කිරීමේ දී දඩ මුදලක් අය නොකෙරෙන බවයි බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරයා අවධාරණය කළේ.
Share This Article