විදුලිසැර වැදීමෙන් මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි
Friday, 15 May 2020 - 16:17 | Views - 478
නවගත්තේගම කුරුකැටියාව ප්රදේශයේදී විදුලිසැර වැදීමෙන් මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එම අලියාගේ වයස අවුරුදු 25ක් පමණ වන අතර උස අඩි 10ක් පමණ වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද දහවල් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මෙය විදුලිසැර වැදීමෙන් සිදුවූ මරණයක් බවයි.
දින කිහිපයකට පෙර මෙම අලියාට විදුලිසැර වැදී ඇතැයි ද සඳහන්.
ප්රදේශයේ ගොවීන් වන අලින්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට ඉදිකර ඇති විදුලි වැටකින් හෝ සූක්ෂමව සවිකර ඇති වෙනත් විදුලි සැපයුමකින් මෙම වන අලියාට විදුලිසැර වදින්නට ඇතැයි සැක කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
Share This Article