විදුලිසැර වැදීමෙන් මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි
Friday, 15 May 2020 - 16:17 | Views - 479
නවගත්තේගම කුරුකැටියාව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම අලියාගේ වයස අවුරුදු 25ක් පමණ වන අතර උස අඩි 10ක් පමණ වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද දහවල් අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ මෙය විදුලිසැර වැදීමෙන් සිදුවූ මරණයක් බවයි.

දින කිහිපයකට පෙර මෙම අලියාට විදුලිසැර වැදී ඇතැයි ද සඳහන්.

ප්‍රදේශයේ ගොවීන් වන අලින්ගෙන් වගාවන් ආරක්ෂා කර ගැනීමට ඉදිකර ඇති විදුලි වැටකින් හෝ සූක්ෂමව සවිකර ඇති වෙනත් විදුලි සැපයුමකින් මෙම වන අලියාට විදුලිසැර වදින්නට ඇතැයි සැක කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top