පැය 24 ක් තුළ රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 10,598ක්
Friday, 15 May 2020 - 15:41 | Views - 782
ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා කරමින් රුසියාවේ නව ආසාදිතයන් 10,598 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, එරට මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 62,843 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම, ගත වූ පැය 24 තුළ රුසියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 113ක් වන අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 2418 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article