ආසාදිතයෙකු කතා කිරීමේදී මුඛයෙන් පිටවන බිඳිති විනාඩි 8ක් අවකාශයේ රැඳී පවතිනවා
Friday, 15 May 2020 - 15:17 | Views - 1,175
කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු කතා කිරීමේදී මුඛයෙන් පිටවන බිඳිති විනාඩි 8ක පමණ කාලයක් අවකාශයේ රැඳී පවතින බවට පර්යේෂණවලින් අනාවරණවී තිබෙනවා.

අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය සහ එරට ජාතික සෞඛ්‍ය ආයතනය සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණවී ඇත්තේ සීමිත අවකාශයක් තුළ ශබ්දනගා කතා කිරීමේදී අවම වශයෙන් කොවිඩ් 19 අඩංගු බිඳිති 1000ක් පමණ ජනනය විය හැකි බවයි.
 
කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත් නිපදවීමට ලොව ඖෂධ සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටින අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු සහ පාකිස්ථානු ඖෂධ සමාගම් 5ක්ද අත්හදාබැලීම් සිදුකරන බවයි.
 
කෙසේ වෙතත්, කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ ගෝලීය පර්යේෂණවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආකල්ප සහ පළමුව අමෙරිකාව යන ඔහුගේ ප්‍රතිපත්ති බාධාවක් බව ගාඩියන් පුවත්පත වාර්තා කරනවා.
 
කෙසේ වෙතත්,ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් 19 වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට නොහැකිවනු ඇති බවයි.
 
"පළමුවරට මිනිස් වර්ගයා තුළට නව වෛරසයක් ඇතුළුවී තිබෙනවා. ඒ නිසා අප එය ජයගන්නේ කවදාදැයි අනාවැකි කීම ඉතා අපහසුයි. මේ වෛරසය අපගේ ප්‍රජාවන් තුළ තවත් එක් ආවේනික වෛරසයක් බවට පත්විය හැකියි. ඒවගේම මේ වෛරසය කිසිවිටෙකත් පහව නොයනු ඇති..."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top