මට කොවිඩ් -19 රෝග ලක්ෂණ පෙන්වනවා
Friday, 15 May 2020 - 15:10 | Views - 1,006
තමන්ට කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් ස්වයං නිරෝධානයකට ලක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිනියක හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ග්‍රේටා තුන්බර්ග් පවසනවා.

ස්වීඩනයේ පදිංචිව සිටින ඇය මේ බව කියා සිටියේ, මාධ්‍ය සමග පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
 
මෙහිදී අප වෛද්‍ය පරීක්ෂාවකට ලක් වන්නේ නොමැති එහෙයින් හුදෙකලාවීමට තීරණය කළ බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
 
කෙසේ වෙතත්, කොරෝනා තමන්ට සැබෑ ලෙස ආසාදනයවී ඇති දැයි තමන් නොදන්නා බවත්, අන් අයගෙන් ආරක්ෂාව පිණිස තමන් ස්වයං නිරෝධායනයකට ලක් වීමට තීරණය කළ බවත් තුන්බර්ග කියා සිටියා.
 
යුරෝපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ස්වීඩනයේ සමාජ දුරස්ථභාවයක් ඇති කිරීමට දැඩි නීති ක්‍රියාත්මක නොකිරීමත් විශේෂත්වයක් වනවා.
 
එරට රූපලාවන්‍යාගාර මෙන්ම අවන්හල් ද සුපුරුදු පරිදි විවෘතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
 
එමෙන්ම විශ්වවිද්‍යාල සහ ද්වීතික අංශයේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් හට අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු සිදු කරන බව ද සදහන්.
 
තව ද සේවකයින් වෙත හැකි සෑම විටමක නිවෙස් තුළට වී සේවය කිරීමට ද අවස්ථාව සලසාදී තිබුණා.
 
පසුගිය මස 7 වනදා ස්වීඩන් රජය විසින් වැඩිහිටි නිවාස වෙත යාම මෙන්ම අනවශ්‍ය සංචාර කටයුතුවලින් ද බැහැර වන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණේ.
 
කෙසේ වෙතත් මේ වනවිට ස්වීඩනය තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 28,582 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 3,529 ක්.
 
කොවිඩ් 19 වෛරසය මේ වනවිට කුඩා දරුවන්ට ආසාදනයවී ඇති අතර ඉන් දරුවන්ට බලපෑමක් නොවන බවට අසත්‍ය මත සමාජ ගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගෙන සිටින බව ද ග්‍රේටා තුන්බර්ග් චෝදනා කරනවා.
 
පාසල් වැසීම හේතුවෙන් බොහෝ දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර නොලැබීමේ තර්ජනයක් මතුව ඇති බව ද ඇය එහිදී පෙන්වාදී තිබුණා.
 
ලොව ජීවත් වන බොහෝ අයට පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, සබන් මෙන්ම නිවාස පහසුකම් නොමැති පිරිස් සිටින බැවින් සමාජ දුරස්ථභාවය පත්වා ගැනීමට බොහෝ දෙනෙකුට ඉතා අපහසු වනු ඇති බවයි තුන්බර් ප්‍රකාශ කළේ.
 
මෙම වසංගත තත්ත්වයෙන් දුගී රටවල සිටින දරුවන් ගැන අවධානය යොමු කරමින්, යුනිසෙෆ් සංවිධානය සමග එක්වී නව ව්‍යාපාරයක් දියත් කර ඇති බවයි දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිනියක හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ග්‍රේටා තුන්බර්ග් මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ.
 
අද පුවත්පත ඇසුරෙන්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top