සියලු ධීවර යාත්‍රා මුහුදු යාම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
Friday, 15 May 2020 - 14:16 | Views - 1,469
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුලු සියලු ධීවර යාත්‍රා මුහුදු යාම අත්හිටවූ බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර, ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.
ගිණිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂිතයි.
මේ හේතුවෙන් ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින ලෙසයි අන්තර්ජාතික ධීවර කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ආරියරත්න දැනුම් දෙන්නේ.
Share This Article