පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන්, පී.සී.ආර්. පරීක්ෂණයට
Friday, 15 May 2020 - 14:00 | Views - 573

කොළඹ කොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් සහ ඒ අවට සිටින නාට්ටාමිවරුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද දිනයේ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි කියා සිටියා.
මේ අතර හුදෙකලා කර තිබූ නාරාහේන්පිට - දාබරේ මාවත, නාගලගම් වීදිය, ජාඇල - සුදුවැල්ල, කොළඹ - බණ්ඩාරනායක මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක් ඊයේ දිනයේ විවෘත කිරීමත් සමඟ මුළු දිවයින පුරාම කිසිදු හුදෙකලා ප්‍රදේශයක් නොපවතින බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, යුද හමුදාව මගින් පාලනය කෙරෙන මධ්‍යස්ථාන 34ක පුද්ගලයින් 2994 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පසුවනවා.
එමෙන්ම, පුද්ගලයින් 8847 දෙනෙකු නිරෝධාන කටයුතු අවසන් කර සිය නිවෙස් වෙත ගොස් ඇති බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
කොරෝනා ආසාදනය වූ නාවික හමුදා නිලධාරීන්ගෙන් සුවය ලබා මේ වන විට පිටව ගොස් ඇති සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම කොරෝනා ආසාදිත වූ 925 දෙනෙකු මුළු දිවයිනෙන්ම වාර්තා වී ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 471ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධයන කටයුතු අවසන් කළ විදේශයන් හි සිට පැමිණි සිසුවියන් 47 දෙනෙකු අද පිටව ගියා.
ඔවුන් නුවර, කොළඹ සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, ගුවන් හමුදා වන්නි නිරෝධායනය මධ්‍යස්ථානයේ සිටි 180 දෙනෙකු ද නියමිත නිරෝධායන කාලය අවසන් කර අද පිටව ගොස් තිබෙනවා.
Share This Article