නිවසේ සුරතලයට ඇතිකරන බළලුන්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වනවා ද ?
Friday, 15 May 2020 - 13:12 | Views - 565
බළලුන් මගින් කොවිඩ්-19 වෛරසය එක් පුද්ගලයෙකු වෙතින් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි ද යන්න පිළිබදව පර්යේෂකයන් පිරිසක් සොයා බලා තිබෙනවා.
ඇමරිකානු විස්කොන්සින් - මැඩිසන් සරසවියේ සහ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ඒකාබද්ධව සිදුකළ එම පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ එලෙස බළලුන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවයි.
විශේෂයෙන් බළලූන්ගේ නාස් කුහරයෙන් මෙලෙස වෛරසය නිකුත් වීමේ හැකියාවක් පවතින අතර, එය සම්ප්‍රේෂණය වීමට එම සතුන් සමඟ සමීප ස්පර්ශය බලපාන බවයි පර්යේෂණය සිදුකළ එක් වෛද්‍යවරයෙකු සඳහන් කළේ.
පසුගිය අප්‍රේල් මාසයේදී බළලුන්ට කොවිඩ්19 ආසාදනය වීමේ සිද්ධීන් චීන පර්යේෂකයන් ද වාර්තා කර තිබූ අතර, ඇමරිකානු නිව්යෝක් ප්‍රාන්තයෙන් ද ගෘහස්ත බළලුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වූ බව අනාවරණ කෙරුණා.
නිව්යෝක් බ්‍රොන්ස්ක් සත්වෝද්‍යානයේ සිටි බළල් ගණයේ දැවැන්තයන් වූ කොටින් සහ සිංහයන් 8 දෙනෙකුට ද කොවිඩ්-19 ආසාදනය වූ බව වාර්තා වුණා.
Share This Article