ඇඳිරි නීති බලපත්‍රයක් හදන්න ආ පිරිමි දරුවෙකුට අතවර කළ ග්‍රාම නිලධාරිවරයෙකුට අත් වූ ඉරණම
Friday, 15 May 2020 - 13:01 | Views - 751

ඇඳිරි නීති බලපත්‍රයක් සකස් කර ගැනීමට පැමිණි පවුලක පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරායෙක් පසුගියදා (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන සැකකාර නිලධාරියා 40 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් වනවා.
ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණ ආපසු යාමට නොහැකිව රිදීගම ප්‍රදේශයේ රැඳි සිටින පවුලක දරුවෙකු මෙසේ අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
ආපසු තම ගම් බිම් බලා යාම සඳහා අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍රයක් සකසා ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවීම සඳහා අපයෝජනයට ලක්වූ දරුවා තම මව සමඟ ගොස් ඇති බව ද එහිදී සැකකරු දරුවා සමඟ සුහදතාවයක් ගොඩ නඟාගෙන තිබෙනවා.
එම දරුවා හමුවීමට පැමිණ ඇති සැකකාර ග්‍රාම නිලධාරිවරයා එම දරුවා තම යතුරු පැදියේ නංවාගෙන මාවතගම ප්‍රදේශයේ පිහිටි තම නිවස හා ඉඩමක් පෙන්වීම සඳහා යැයි පවසමින් රැගෙන ගොස් එම නිවසේදී ඔහු අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.
අපයෝජනයෙන් පසු සැකකරු එම දරුවා ආපහු ඔහුගේ නිවසට ඇරලවා තිබෙනවා.
අපයෝජනයට ලක්වූ දරුවා ආපහු නිවසට පැමිණ ඒ බව හඬමින් තම මවට දැනුම් දී ඇති අතර පසුව මේ සිද්ධිය දැනගත් ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරියා අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.
අපයෝජනයට ලක් වූ දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ලැබ සිටිනවා.
පුෂ්පකුමාර ජයරත්න
ලංකාදීප පුවත්පත
Share This Article