මුඛ ආවාරණ සහ සමාජ දුරස්ථභාවය තබා ගනිමින්, ව්‍යායාම් මංතීරු භාවිත කිරීමට අවසර
Friday, 15 May 2020 - 10:41 | Views - 621
සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව ව්‍යායාම් මංතීරු මහජනතාවට විවෘත කිරීමට තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා කොළඹ ඇතුළු දිවයින විවිධ ප්‍රදේශවල ව්‍යායාම් සඳහා සකස්කර ඇති ව්‍යායාම් මංතීරුවලට පැමිණීමට හැකි බවයි.
ඒ සඳහා මහජනතාවට අලුයම 5 සිට උදෑසන 8 දක්වා ද පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වා ද අවස්ථාව හිමිවනු ඇති.
Share This Article