මැලේරියා ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් නොවන බව යළි තහවුරු වෙයි
Friday, 15 May 2020 - 10:13 | Views - 517
කොරෝනා වෛරසයට නිශ්චිත ප්‍රතිකර්මයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පුන පුනා කියූ මැලේරියා ඖෂධය ඒ සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් නොවන බව තවදුරටත් සනාථ වී තිබෙනවා.

ඒ සඳහා සිදුකළ නවතම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යා සඟරාව මගින්.

එමගින් අනාවරණ කර ඇති පරිදි මැලේරියා රෝගය සඳහා ලබාදෙන හයිඩ්‍රොක්සික්ලොරොක්වින් සහ ඇසිත්‍රොමයිසින් ප්‍රතිජීවක ඖෂධ සම්මිශ්‍රණ කොරෝනා ආසාදිතයන්ට ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත නොහැකියි.

රෝගීන් 150 දෙනෙකුට අහඹු ලෙස මෙම ඖෂධ සම්මිශ්‍රණය ලබාදී ඇති අතර, ඔවුන් එය ලබානොදුන් රෝගීන්ට වඩා සීග්‍රයෙන් සුවය ලැබීමට අසමත් වී තිබෙනවා.

එමෙන්ම, මැලේරියා ඖෂධය ලබාදුන් රෝගීන්ගේ අතුරු ප්‍රතිවිපාක ද ඉහළ මට්ටමක පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top