මැලේරියා ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකර්මයක් නොවන බව යළි තහවුරු වෙයි
Friday, 15 May 2020 - 10:13 | Views - 518
කොරෝනා වෛරසයට නිශ්චිත ප්‍රතිකර්මයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පුන පුනා කියූ මැලේරියා ඖෂධය ඒ සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් නොවන බව තවදුරටත් සනාථ වී තිබෙනවා.
ඒ සඳහා සිදුකළ නවතම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යා සඟරාව මගින්.
එමගින් අනාවරණ කර ඇති පරිදි මැලේරියා රෝගය සඳහා ලබාදෙන හයිඩ්රොක්සික්ලොරොක්වින් සහ ඇසිත්‍රොමයිසින් ප්‍රතිජීවක ඖෂධ සම්මිශ්‍රණ කොරෝනා ආසාදිතයන්ට ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත නොහැකියි.
රෝගීන් 150 දෙනෙකුට අහඹු ලෙස මෙම ඖෂධ සම්මිශ්‍රණය ලබාදී ඇති අතර, ඔවුන් එය ලබානොදුන් රෝගීන්ට වඩා සීග්‍රයෙන් සුවය ලැබීමට අසමත් වී තිබෙනවා.
එමෙන්ම, මැලේරියා ඖෂධය ලබාදුන් රෝගීන්ගේ අතුරු ප්‍රතිවිපාක ද ඉහළ මට්ටමක පවතින බවයි පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ.
Share This Article