දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය ලබාදීමට සුදානම්
Friday, 15 May 2020 - 9:21 | Views - 1,269
ආර්ථික වශයෙන් කොතරම් අසීරු තත්ත්වයක සිටියත්, දෙමවුපියන්ට බරක් නොවී දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය විසින් ලබා දෙන බව අධ්‍යාපන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමින්.
Share This Article