රාජ්‍ය ආයතනවල තදබදය අවම කිරීමට නව මෘදුකාංගයක්
Friday, 15 May 2020 - 8:32 | Views - 463
රට යළි විවෘත කිරීමේදී රාජ්‍ය ආයතනවලට සේවා ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාව අතර තදබදය ඇතිවීම වැළැක්වීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා.
නිශ්චිත දිනයක් සහ වේලාවක් ලබාදී එම සේවාවන් ලබාගත හැකි වන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍ය ඩිල්ෂාන් අබේවර්ධන ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකද පූර්ණ අනුග්‍රහය ලබාදීමට එකඟ වී ඇති බව සඳහන්.
රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි හරහා ඉදිරියේදී මෙම පහසුකම් සලසා ගැනීමට හැකිවනු ඇති බවයි වෛද්‍ය ශිෂ්‍ය ඩිල්ෂාන් අබේවර්ධන කියා සිටියේ.
ඒ අනුව රාජ්‍ය ආයතන සතු ධාරිතාවය සලකා බලා මිනිසුන්ට අවශ්‍ය සේවාවන් සලසා දීමට මෙම මෘදුකාංගය මගින් හැකියාව ලැබෙන බවද ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
Share This Article