මේ වනවිට කොරෝනා රෝගීන් සමාජය තුළින් වාර්තාවීමක් නෑ
Friday, 15 May 2020 - 8:22 | Views - 1,030

දැනට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 925 දෙනෙකු වාර්තා වන අතර, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 445 ක් වනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝගීන් 471 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ මේ වනවිට කොරෝනා රෝගීන් සමාජය තුළින් වාර්තාවීමක් සිදුනොවන බවයි.
මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ගුවන් මගීන් 157 දෙනෙකු රැගෙන ජපානය වෙත ඊයේ රාත්‍රියේ සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කළා.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 454 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් ජපානයේ නරීටා ගුවන් තොටුපල බලා පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් සහ මුහුදු මගින් තැපැල් සේවාව ආරම්භ කර තිබෙනවා.
විදෙස්ගතව සිටින පුද්ගලයින්ට අවශ්‍ය ලිපි සහ භාණ්ඩ යොමු කිරීමට නොහැකිව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක යම් සහනදායී විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙලෙස යළිත් විදෙස් තැපැල් සේවය ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article