කොරෝනා මැද ලෝකයක් කැළඹූ, කුඩා ළමුන් සොයා පැමිණි, අභිරහසක් වූ අලුත්ම වෛරසය ඉතාලියත් ආක්‍රමණය කරයි
කොවිඩ් 19 වෛරසයට බොහෝ සමානකම් දක්වන නව වෛරසයක් බ්‍රිතාන්‍යයේ, කුඩා ළමුන් ආශ්‍රීතව ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.
මෙම අද්භූත වෛරසයට ගොදුරු වූ දරුවන් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර කර තිබුණා.
මෙම රෝගය කවාසාකි රෝගයට සමානකම් දක්වන බවටයි හෙළිදරව් වූයේ. (Kawasaki රෝගය යනු ශරීරය පුරා රුධිර නාල වල දැවිල්ල (ඉදිමීම සහ රතු පැහැය) ඇති කරන රෝගයකි. එය අදියර තුනකින් සිදු වන අතර කල් පවතින උණ සාමාන්‍යයෙන් පළමු ලක්ෂණය වේ. මෙම තත්ත්වය බොහෝ විට වයස අවුරුදු 5 ට අඩු ළමයින්ට බලපායි.)
මෙම වෛරසය මඟින් රුධීර වාහීනි ගිනි අවුලුවමින් ශරීරයේ අවයව වලට දැඩිව පහර දීමක් සිදු කරනු ලබනවා.
බ්‍රිතාන්‍ය පවුල් හතක් මේ සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති අතර බොහෝ මාපියන් විශ්වාස කරන්නේ මෙය කොවිඩ්-19 වෛරසයම බවයි. නමුත් මෙය ඒ හා සමාන වෙනත් "අමුතු රෝග ලක්ෂණ" පෙන්නුම් කරන රෝගයක් බවට ඇතැම් මාපියන් පවසනවා.
කෙසේ වෙතත් මෙම නාඳුනන වෛරසය මේ වන විට ඉතාලියට ද ව්‍යාප්ත වී ඇති බව, ඩේලිමේල් වෙබ් අඩවිය මඟින් වාර්තා කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයෙන් පසු, ස්පාඤ්ඤයට ද මෙම වෛරසය නෑගම් පැමිණ ඇති බවයි ඒ මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඉතාලියේ ලොම්බාර්ඩි හි පර්යේෂකයින් සඳහන් කරන්නේ රෝහල්ගත කළ දරුවන් බොහෝ පිරිසකගේ මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය මාස දෙක තුළ මෙම රෝග ලක්ෂණ ඇතුළත් ළමුන් ඇතුළත් කිරීම 30 ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.
පසුගිය වසර පහ තුළදී මෙම Kawasaki රෝගයේ පැතිර යාමක් දක්නට ලැබුණු නමුත් එය ඉතා අවම මට්ටමක පැවති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
අවුරුදු පහෙන් පහළ දරුවන්ට මෙම රෝග ලක්ෂණ වැළඳීමේ වැඩි ඉඩකඩ පැවතියත් දැන් රෝහල්වලට ඇතුළත් කෙරෙන දරුවන් අවුරුදු පහට වැඩි දරුවන් වනවා.
වැදගත්ම දෙය නම් මෙම Kawasaki රෝග ලක්ෂණ සහිත දරුවන් 10 දෙනෙකුගේ 8 දෙනෙකුට කොවිඩ්-19 වැළඳී ඇති බව ද හෙළි වීමයි.
මෙම තත්ත්වය නිසාවෙන් බ්‍රිතාන්‍යයද අනතුරු ඇඟවීමක් සිදු කර ඇති අතර පර්යේෂකයින් මෙම අලුත් වසංගතය ගැන මහත් පීඩාවකින් පසු වනවා.
"මෙම කවාසාකි රෝගයේ ලක්ෂණ සහිත ළමුන් රෝහලට ඇතුළත් කිරීම පිළිබඳ සිද්ධි නිව්යෝක්, එංගලන්තය වැනි රටවල්වලින් දැනටමත් වාර්තා වෙමින් පවතිනවා.." ළමා රෝග විශේෂඥ ලොරේස්නෝ ඩී ඇන්ටිගා පවසනවා.
"දැනට අපගේ අධ්‍යයනය අනුව මෙම වෛරස් තත්ත්වය SARS-CoV-2 සමඟ සම්බන්ධකම් පවත්වනවා. මෙම නාඳුනන වෛරසය සමඟ සම්බන්ධවීමට උත්සහා කරන වෛද්‍යවරුන්ට එය උපකාරයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා..."
Dailymail ඇසුරිනි.