දුම්රිය ගමන් වාර සඳුදා සිට වැඩි කෙරේ
Friday, 15 May 2020 - 8:11 | Views - 669
දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර විස්ස ලබන සඳුඳා සිට තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි සතිය සඳහා දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ.

දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍ර ඉල්ලා 11,500 කට අධික පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකර තිබෙනවා.

මේ අතර, රාජකාරී සඳහා පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා අදත් දිවයින පුරා බස් රථ 3,338 ක් යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස ප්‍රකාශ කළේ.

බස් රථ තුළ මගීන් ගමන් කිරීමේදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ විද්වතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරන ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් ඒ සම්බන්ධයෙන් සකස් කළ පර්යේෂණ වාර්තාවක් විෂය භාර අමාත්‍යවරයාට ලබාදී ඇති බව සඳහන්.

එහිදී හෙලිදරව් වී ඇත්තේ බස් රථයේ ගමන් කරන විට ජනෙල් විවෘතව තබන හෙයින් බස් රථය තුළට ගමන් කරන සුළං ධාරාවන් හි වැඩිම බලපෑමක් පවතින්නේ පසුපස ආසනවලට බවයි.

එමෙන්ම, පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුලියක් සේ කැරකෙමින් බස් රථයේ ඉදිරිපසට හමා ඒමක් සිදුවනවා.

එම නිසා බස් රථය තුළ ගමන් කරන කොරෝනා ආසාදිතයෙක් වෙතින් නිකුත් වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් කරන මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි බව වායු දහරා ගමන් කිරීමේ ස්වභාවය අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වී ඇති කරුණක්.

මීට අමතරව බස් කොන්දොස්තරවරයා අතිශයින්ම අවදානම් තත්ත්වයට මේ නිසා පත්වන හෙයින් ඔහු ආරක්ෂා වීම බස් රථය තුළ ගමන් කරන මගීන්ගේ නිත්‍ය ආරක්ෂාවට හේතුවක්.

මීට අමතරව බස් රථයක් තුළ සිටගෙන යෑම කොරෝනා වෛරසයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි මගී කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top