අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Friday, 15 May 2020 - 7:49 | Views - 507
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුදු ආශ්‍රීතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනයවී තිබෙන අතර එම තත්ත්වය වැඩි වී වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි (40-50) දක්වා වැඩි විය හැකිය.
දකුණ, බස්නාහිර, සබරගොමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු පළාත්වල විශේෂයෙන් ඌව, නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගොමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ක පමණ තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article