දැවැන්ත ආර්ථික ඉලක්ක හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නෑ
Friday, 15 May 2020 - 7:42 | Views - 543

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ වැවිලි හා කර්මාන්ත ක්ෂේත්රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහායි .
රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව අවධාරණය කළ ජනපතිවරයා එහිදී රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.
වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බවද පෙන්වා දුන් ජනපතිවරයා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද ප්‍රකාශ කළා.
අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීම හේතුවෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි වූවා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද එහිදී අනාවරණය වීම විශේෂත්වයක් .
Share This Article