කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සෙසු දිස්ත්‍රික්වල ලබන (16) සෙනසුරාදා තෙක් රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මැයි 17 ඉරිදා දිනය පුරා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.
කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය මැයි 18 සඳුදා අලුයම 5ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණයි.