කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නැතැයි අනාවරණ වෙයි
Thursday, 14 May 2020 - 16:32 | Views - 994

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බවට සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේ දී අනාවරණ කර තිබෙනවා.
එම කමිටුව අද පෙරවරුවේ හත්වන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී රැස්වුනා.
එහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියාසිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුල සිටම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෞඛ්යාරක්ෂිත විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව ගත් ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මෙම තත්වයට හේතුවී ඇති බවයි.
ක්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිර යාම පාලනයට පනවා ඇති නීති රීතිවලට ජනතාව අනුගත වන්නේ ද නැත්ද යන්න පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
එමෙන්ම සෞඛ්‍ය උපදෙස් කඩ කරන පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කළේ.
කොවිඩ් 19 පාලන සෞඛ්යාරක්ෂිත උපදෙස්වලට අනුගතව ඉදිරියටත් කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර වර්ෂාව ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර වැඩිහිටි ආබාධිත හා වකුකඩු දීමනා ගෙවීම දිවයින පුරා සියයට 70ක ප්‍රගතියක් ලබාදී තිබෙන බව සහන ලබාදීමේ දෙවන අදියර පිළිබඳ ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වුනා.
එමෙන්ම සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන සහන දීමනා දෙවන අදියර ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය සමෘද්ධි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පළමු අදියරේ දී සිදුවූ අතපසුවීම් කිසිවක් දෙවන අදියරේ දී සිදු නොවීමට වගබලා ගන්නා ලෙසටයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි උපදෙස් ලබාදී ඇත්තේ.
Share This Article