පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ලබාදීමට කැබිනට් අනුමැතිය
Thursday, 14 May 2020 - 15:51 | Views - 1,507
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මේ යටතේ පුද්ගලයන් 5,144,046 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25720.24ක් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ ආයතන විවෘත කිරීමට නොහැකිවන අවස්ථාවලදී එම ආයතන වසා තැබෙන කාලය තුල සේවකයන්ට මෙතෙක් ලබාගත් වැටුපෙන් අඩක් හෝ රුපියල් 14500ක් යන දෙකෙන් වැඩිම මුදල ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සහ වෘත්තීය සමිති යන දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.

එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු සේවකයෙකු රැකියාවෙන් ඉවත් නොකිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top