පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ලබාදීමට කැබිනට් අනුමැතිය
Thursday, 14 May 2020 - 15:51 | Views - 1,508
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ආදායම් අහිමිවූවන්ට හා අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
මේ යටතේ පුද්ගලයන් 5,144,046 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25720.24ක් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.
මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පෞද්ගලික කර්මාන්ත ශාලා සහ ආයතන විවෘත කිරීමට නොහැකිවන අවස්ථාවලදී එම ආයතන වසා තැබෙන කාලය තුල සේවකයන්ට මෙතෙක් ලබාගත් වැටුපෙන් අඩක් හෝ රුපියල් 14500ක් යන දෙකෙන් වැඩිම මුදල ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සහ වෘත්තීය සමිති යන දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.
එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු සේවකයෙකු රැකියාවෙන් ඉවත් නොකිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Share This Article