තරුණයින් හත් දෙනෙකු සමඟ පැන ගිය සුරූපී බිරිඳට ඇසිඩ් ගැසූ සැමියාගේ පාපොච්චාරණය
Thursday, 14 May 2020 - 15:23 | Views - 2,160
බාල දරුවන් දෙදෙනා ද රැගෙන සිය පුංචි අම්මාගේ පුතා සමඟ පැන ගිය බිරිය සොයමින් හතර වටේ ඇවිද්ද ඔහුට ඇය කඹුරාපොළ පාසල් හන්දිය අසළ නිවෙසක සිටින බවට තොරතුරක් ලැබෙන්නේ පසුගිය පස්වැනිදා සවස් භාගයේදී යි.
 
ඇය සොයා කඹුරාපොළට යාමට තීරණය කළ ඔහු ඒ ගමනට සිය පුංචි අම්මා එනම් බිරිය පලා ගිය තරුණයාගේ මවද එක් කරගන්නට තීරණය කළා.

හය වැනිදා උදේ රැයින්ම හෙට්ටිපොළින් පිටත්වන ඔහු කුරුණෑගලට ගොස් පුංචි අම්මා ද ලොරියට නංවාගෙන කෙළින්ම යන්නේ කුඹුරාපොළ පාසල් හන්දියේ මේ දෙදෙනා පදිංචිව සිටිනවා කී නිවෙසට යි.
 
නිවෙසේ ඉදිරිපස වසා තිබුණා. විවරව තිබණූ ජනේලයෙන් ගෙට එබුණ ඔහුට දකින්නට ලැබුණේ සිතට වේදනා ගෙන දෙන දර්ශනයක්. සාලයේ ඇති ප්ලාස්ටික් පුටුවේ ඇය හිඳ ගෙන සිටියි. පෙම්වතා ඇගේ උකුල මතයි. වයස අවුරුදු 13ක් වන දියණියත් අවුරුදු හයක් බාල පුතුන් සාලයේ මැද මෙට්ටයට වී මවගෙත් බාප්පාගෙත් අනඟ රැඟුම් බලා සිටියි.
 
දුටු දෙයින් කිපුණ ඔහු ජනෙලයෙන් මොවුන්ට බැන වදින්නට වූ අතර තරුණයාගේ මව පිටුපස දොරින් නිවසට ඇතුළු වූ මේ යුවළට බනින්නට ගත්තා.
 
වහා ක්‍රියාත්මක වූ පෙම්වතා පුටුව අසළ තිබූ වීදුරු බෝතලයක් කඩා ජනේලයෙන් ඔහුට අනින්නට උත්සහා කළා. ඒ සමඟම ඔහු නිවෙස අසළින් ඉවත්ව පාර දෙසට දිව ගියා. එහෙත් විනාඩියක් පමණ ගත වෙද්දි ඔහු නිවෙස වෙත යළි දිව එන්නේ ඇසිඩ් බෝතල් දෙකක්ද රැගෙනයි.
 
පිටුපස දොරෙන් ඇතුළ වන ඔහු බිරියගේ මුහුණ දෙසට ඇසිඩ් විසි කරනවාත් සමඟම පෙම්වතා ඉදිරියට පනින්නේ සිය රූබර පෙම්වතිය බේරා ගැනීම සඳහායි.
 
එල්ල වූ ඇසිඩ් පහර තරුණයාගේ මුහුණ ඇතුළු සිරුරට වදින අතර සිය අතවූ අනෙක් ඇසිඩ් බෝතලය ද ඒ සමඟම පෙම්යුවළ වෙත මුදා හරින්නට ඔහු කටයුතු කළා. එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් ඇගේ මුහුණද පිළිස්සී යද්දි අසළ තිබූ කොස්සක් අතට ගන්නා ඔහු ඉන් ඇයට පහර දෙන්නට වුණා.
 
ඇසිඩ් වැදී පිළිස්සි අඩපණ වී සිටි යුවළ නිවසින් එළියට පැන පාර දෙසට දිව යන්නේ ජීවිතය බේරා ගැනීම සඳහායි. තරුණයා බරපතල ලෙස පිළිස්සී සිටියා.
 
ඔහුගේ පෙම්වතියගේ මුහුණ ගෙල ඇතුළු සිරුරේ කොටස් කිහිපයක්ද පිළිස්සී ගොසින් තිබුණා. මේ තරුණයාගේ මවගේ අතක්ද ඇසිඩ් වැදී පිළිස්සි තිබුණා.
 
මෙම සිදුවීම දෙස ඇස ගසාගෙන සිටි අසල්වැසියන් වහා පැමිණ 1990 ගිලන් රථයක් කැඳවා තුවාලකරුවන් තුන් දෙනා කුලියාපිටිය රෝහලට පිටත් කර යවන අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දැනුම් දෙන්නේ ඉන් අනතුරුවයි.
 
රෝහලට පිටත් කර හැරිය තිදෙනාගෙන් තරුණයා මිය යන අතර ඇසිඩ් පෙවී තිබීම නිසා ඇය බරපතල තත්ත්වයට පත්ව සිටියා.
 
සිද්ධිය සැලවීමෙන් අනතුරුව කුලියාපිටිය පොලිසියේ කණ්ඩායමක් කඹුරාපොළ බලා පිටත් වුණා. ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ලොරිය අසල සිටින බව පොලිසියට කියන්නේ එතැන සිටි අසල්වැසියන්.
 
පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නා අතර ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ දිගින් දිගටම ආයාලේ ගිය බිරිය රැක ගැනීම සඳහා තමන් නොකළ දෙයක් නොමැති බවයි.
 
"මේ ගෑනි මීට කලින් හය වතාවක් එක එකා එක්ක පැනලා ගියා. මේ හත් වෙනියා. මෙයා අපේ මල්ලි එක්ක මුලින්ම පැනලා ගියේ අප්‍රේල් මාසේ හය වෙනිදා. එදා ඉඳලා මම මෙයාව හෙව්වා. යාන්තම් අප්‍රේල් මාසේ විසිතුන් වෙනිදා හොයා ගත්තා. ගෙදර ගෙනත් මම කිව්වා පරණ දේවල් අමතක කරලා දරුවෝ බලාගෙන හොඳින් ඉන්න කියලා. එක්කගෙන ඇවිත් දවස් තුනයි ගෙදර හිටියේ. අප්‍රේල් 26 ආයේ ඌත් එක්ක පැනලා ගියා..."
 
"යද්දි බාල ළමයි දෙන්නවත් අරන් ගිහින් තිබුණේ. අම්මා ගේ මේ වැඩ නිසා ලොකු පුතා හිටියේ හරිම කළකිරීමෙන්. මෙයා අන්තිම වතාවට පැනලා ගියාට පස්සේ ඒ ලැජ්ජාවට පුතා වහ බිව්වා. වෙලාවට ඒ ළමයට ලොකු අනතුරක් වුණේ නෑ...."
 
"එදා ඉඳලා මම දිගටම මෙයාව හෙව්වා. අන්තිමට මට ඊයේ තමයි දැනගන්න ලැබුණේ මේ දෙන්නා කඹූරාපොළ පාසල් හන්දිය ළඟ කුලියට ගෙයක් අරන් ඉන්නවා කියලා. කොල්ලගේ අම්මවත් එක්කගෙන මම ඒ ගෙදරට ගියේ මෙයාලව මරන්න හිතාගෙන නෙවෙයි.."
 
"ඇසිඩ් බෝතල් දෙකක් අරගෙන තියාගෙත්තේ මෙයාව ආපහු හොයා ගත්තට පස්සේ ඇසිඩ් ගහලා මූණ විරූපී කරන්න. එහෙම කළාට පස්සෙවත් ගෙදරට වෙලා ළමයි එක්ක ඉඳිවී කියලා හිතලයි. මෙයාගේ රූපේ නිසානේ කෙල්ලෝ යාළුවෙන්නේ.."
 
මෙම විමර්ශනයේදී හෙළි වූ තොරතුරු අනුව මෙම කාන්තාව මොහු හා විවාහ වෙන්නේ යෝජනාවක් අනුවයි. විවාහ වූ මුල් අවදියේ හොඳින් ජීවත් වුවත් ටික කලක් ගත වෙද්දි ඇයට සැමියාගේ අඩුපාඩු පෙනෙන්නට ගත්තා.
 
පොළේ අල ලුණූ විකිණූ මොහු ඇදුම රෝගයෙන්ද පෙළුණු අයෙක්. ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව පොළවල් ක්‍රියාත්මක නොවන නිසා මොහු ලොරියෙන් බඩු රැගෙන ගොස් පාරවල් අයිනේ දමා විකුණා තිබෙනවා.
 
"පොලේ වැඩ ඉවර වෙලා ගෙදර එද්දි රෑ වෙනවා. වීස් එක නිසා රෑට නාන්න හොඳ නෑ. නාන්නේ නැති නිසා ගඳයි කියලා මෙයා මාව ළඟට ගන්නෙවත් නෑ. මෙයා කෑම උයන්නෙත් නෑ. මමම තමයි උයන්නත් ඕනි. ඒත් කමක් නෑ කියලා මම ඉවසගෙන හිටියේ මෙයාට තිබුණ ආදරේ නිසයි..."
 
ඇය කාලයෙන් කාලයට එක් එක් පුරුෂයින් සමඟ පැය යද්දි සැමියා කල්පනා කළේ ඇය යළි නිවසට කැඳවාගෙන ඇවිත් හොඳින් ජීවත් වන්නටයි. මෙලෙස පැන ගොස් අල්ලාගෙන එන සෑම අවස්ථාවකදීම ඇය සිය සැමියාට නොයෙක් යෝජනා ගෙන ආවා.
 
"ඔයා ඔහොම ඉන්නකොට කිසි ගතියක් නෑ. මගේ ලස්සනට ගැළපෙන් නෑ. ඒ නිසා ඩෙනිම් කලිසම් අඳින්නකෝ.."
 
වරක ඇය ඉල්ලා සිටියා. ඇගේ ඉල්ලීමට කන්දුන් ඔහු ඩෙනිම් කලිසමක් ඇඳ එවෙලේම ඡායාරූප ගෙන ඇයට යැව්වා. අනතුරුව ඇයගේ ඉල්ලීම වූයේ ඩෙනිම් කලිසමට ගැළපෙන්නේ ටීෂර්ට් බැවින් මින් ඉදිරියට ඩෙනිම් සමඟ ටීෂර්ට් අඳින ලෙසයි.
 
40 හැවිරිදි ඔහුට මේවා ඇල්ලුවේ නැතත් බිරිය පරිස්සම් කර ගැනීමට තිබු උවමනාව නිසා ඇය කියන දේ කිරීමට පෙළඹුණා. ඒ අනුව ඔහු ඇගේ එම ඉල්ලීම ද ඉටු කළා.
 
රූපලාවන්‍ය විටමින් වර්ග සඳහා ඇගේ සතියක වියම වූයේ රුපියල් පන්දහසක්. ඒ අනුව ඔහු මසක ඇයට රුපියල් විසි දහසක මුදලක් ලබා දුන්නේ තිබුණ කමකට නොව ඇගේ ආසාව ඉටුකොට ඒ ඔස්සේ ඇගේ ආදරය දිනා ගැනීමටයි.
 
එහෙත් ඇයට අවශ්‍ය වූයේ රුව රැකගෙන තරුණයින්ගේ ආකර්ෂණය දිනා අවස්ථාව ලද විගස පැන යාම පමණයි. හත් වතාවක්ම තරුණයින් සමඟ පැන යාම ඊට හොඳම මෙන්ම එකම උදාහරණය යි.
 
මේ මොන නාඩගම නැටුවත් ඇය දෙවියන් ඉදිරියේ ද හොඳම හොඳ මෑණි කෙනෙක් වුණා. ඇය දේවාලයක් කරගෙන යන්න ඇත්තේ ඒ දේව ආශිර්වාදය නිසා විය යුතුයි. ඇගේ දේවාලයට පිරිස් පැමිණි අතර ඇයට ඉන් ආදායමක්ද ලැබුණා.
 
ඇගේ සැමියාගේ මවගේ නැගණියගේ පුතා එනම් සැමියාගේ පුංචි අම්මාගේ පුතා එම දේවාලයේ වැඩට එන්නේ මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිටයි.
 
ඒ මීට පෙර කොහු මෝලක කළ රැකියාවකට සමු දීමෙන් අනතුරුවයි.
 
සැමියා පොලේ වෙළඳාමේ ගිය පසු දරුවන් ද පාසල් ගිය පසු නිවසේ ඉතිරි වන්නේ බිරියත් ඥාති සහෝදරයාත් පමණයි.
 
දකින දකින පිරිමින් සමඟ පැන යාම පුරුද්දක් කරගෙන සිටි බිරිය, මේ තරුණයා සමඟ නිවසේ තනිකර යන්නට සැමියා බිය නොවන්නට ඇත්තේ ඔහු නෑ කමට මල්ලි නිසාත් 36 හැවිරිදි ඇය 24 හැවිරිදි ඔහු සමඟ අනවශ්‍ය ඇසුරක් ඇති කර නොගනු ඇති බව සිතමිනුයි. එහෙත් සිදුවූයේ වෙන දෙයක්.
 
ඇය තමන්ට වඩා බාල ඥාති සහෝදරයා සිය වසඟයට ගන්නේ ඔහු සමඟ පවුල් ජීවිතයක් ගත කිරීමේ අරමුණ ඇතිවයි.
 
ඇගේ ඒ වේගවත් ගමන අවසාන වුනේ තරුණ ජීවිතයක් ආකාලේ වලපල්ලටත්, දරු පවුලට දැඩි ලෙස ආදරය කළ මිනිසකු හිරගෙදරටත් යවමිනුයි.
 
ඒ අතර ඔහුගේ බලාපොරොත්තුවද ඉටු විය. ඒ බිරියගේ මුහුණ විරූපී කිරීමයි. එල්ල වූ ඇසිඩ් ප්‍රහාරය හමුවේ ඇගේ මුහුණ විරූපී වී හමාරයි. එහෙත් තවමත් කට උත්තරයක් පවා ගැනීමට නොහැකි තත්ත්වයකයි ඇය සිටින්නේ.
 
ඇයගේ දිවි ගැලවුණහොත් ඇයට ඒමට සිදුවන්නේ ඔහුගේ නිවසටයි. මන්ද ඇය තවමත් ඔහුගේ නීත්‍යානූකූල බිරිය වන නිසායි.
 
අධිකරණයෙන් ඇප ලැබී කවදා හෝ දඬුවම් නියම වෙන තෙක් ඔහු ජීවත් විය යුත්තේ ද මේ නිවසේයි.
 
- තක්ෂිලා ජයසේකර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top