කොරෝනා නිසා ගොඩක් දෙනෙකුට සිනමා ශාලාවකට ගිහින් ෆිල්ම් බලන්න අවස්ථාවක් නැහැ. නමුත් ඩුබායි හි සිටින ජනතාවට සිනමා ශාලාවටම ගිහින් චිත්රපටි නරඹන්න අවස්ථාවක් උදාවෙලා.
ඩුබායිහි විශාලතම ෂොපින් මෝල් අතරින් එකක් වන Mall of the Emirates එකේ Vox Cinemas වල එම අවස්ථාව ලබා දී තිබෙනවා.
තමන්ගේ කාර් එකේම ඉඳගෙන පුළුල් තිරයකින් ෆිල්ම් එක බලන්න පුළුවන්.
වාහනය අදාල ස්ථානයේ නතර කළ පසු Frequency එකක් ලබා ගෙන එය වාහනයේ ඇති රේඩියෝවෙන් සුසර කර ගත් පසු Sounds ලබාගන්න පුළුවන්.
මෙහි වාහන 75ක් එකවර නැවැත්විය හැකි අතර එක් වාහනයක සිටිය හැක්කේ උපරිම දෙදෙනෙකුට පමණයි.






උපුටා ගැනීම -Hi Dubai ෆේස්බුක් පිටුවෙනි