නාවලපිටිය දුම්රිය පාලමෙන් මහවැලි ගඟට වැටුණු කාන්තාවකගේ සිරුර සොයා ගැනේ
Thursday, 14 May 2020 - 14:39 | Views - 1,367
නාවලපිටිය දුම්රිය පාලමෙන් මහවැලි ගඟට වැටී අතුරුදන් වූ කාන්තාවකගේ  සිරුර අද (14) දහවල් සොයා ගැනුණා.

මෙසේ සොයා ගනු ලැබුවේ නාවලපිටිය, මහකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව ඊයේ (13) උදෑසන බුලත් විටක් රැගෙන ඒමට නිවසින් පිටත්ව මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලමෙන් ගමන් කිරිමේදී ඉන් ගඟට වැටී තිබෙනවා.

අනතුරුව නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ කාන්තාව සොයා ඊයේ (13) සිට මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

මෙම මෙහෙයුමේ දී පාලමට මීටර් 200ක් පමණ පහළින් වු මහවැලි ගඟේ ගැඹුරු වලක තිබි කාන්තාවගේ සිරුර අද (14) සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි නාවලපිටිය පොලිසිය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top