ආසාදනය වූ පළමු රෝගීයා වුහාන් රසායනාගාරයේ සේවය කළ අයෙක්?ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙක්ගෙන් ඇඟ කිළිපොලා යන හෙළිරදව්වක්
Thursday, 14 May 2020 - 13:59 | Views - 1,333

කොවිඩ්-19 වෛරසය ආරම්භ වූයේ වුහාන් නුවර සත්ව හා මත්ස‍්‍ය ගොවිපොලෙන් නොව වුහාන් හි පිහිටා ඇති චීන රජයේ වෛරස් රසායනාගාරයෙන් බව චීනය පිළිබඳ හසල දැනුමක් ඇති ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙක් පවසනවා.
කොවිඩ්-19 වෛරසය චීනයේ වුහාන් නුවර වෛරස රසායනාගරයේ නිර්මාණය කළ එකක් බවත්, එය හිතාමතා හෝ අත්වැරදීමකින් සමාජයට මුදා හැරෙන්න ඇති බවත් ඇමරිකාව පමණක් නොව ඕස්ට්‍රේලියාවේ බුද්ධි අංශ නිකුත් කළ වාර්තා බව තහවුරු කරනවා.
කෙසේ වෙතත්, චීනය හෝ වුහාන් රසායනාගාරය වෛරසය හිතාමතා සමාජයට මුදා හැරීමක් කළා යැයි තමන් විශ්වාස නොකරන බව ද මහාචාර්යවරයා සඳහන් කර තිබෙනවා.
ඔහු පවසන්නේ වෛරසය ආසාදනය වූ පළමු රෝගීයා (පේෂන්ට් සීරෝ) වුහාන් රසායනාගාරයේ සේවය කළ අයෙකු විය හැකි බවයි.
මෙම රසායනාගාරය පිහිටා ඇත්තේ වෛරසයේ ආරම්භය සිදුවුණා යැයි සැක කෙරෙන සත්ව හා මත්ස්‍ය වෙළඳපොළේ සිට සැතපුම් 8ක් දුරිනුයි.
චීන සෞඛ්‍ය බලධාරින් විසින් සිදුකරනු ලැබු නවතම වාර්තාවක සඳහන් වන්නේ වුහාන් සත්ව වෙළඳපොළේ වවුලන් විකිණීමට නොතිබුණු බවයි.
කොරෝනා යනු සතුන්ගෙන් (වවුලන්ගෙන්) ශරීරවල අඩංගු වෛරසයක්. මෙය වවුලන් හරහා මිනිසුන්ට ආසාදනය වෙයි. කොවිඩ්-19 කොරෝනා වෛරස පවුලේ නවතම සාමාජීකයා වනවා.
මෙම වෛරසය වවුලන් හා කැබෑල්ලෑවන් හරහා මිනිසුන්ට ආසාදනය වූවා යැයි සැක කෙරෙනවා.
ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයා ස්කයි පුවත් නාලිකාවට කළ ප්‍රකාශය මුල් කරගනිමින් මේ වන විට චීනය සහ ඕස්ට්‍රේලියාවත් අතර වෙළඳ අර්බුදයක් ද නිර්මාණය වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ චීන තානාපති චෙංග් ලිංගේයි ඕස්ට්‍රේලියානු රජයට තර්ජනය කර ඇත්තේ චීන - ඕස්ට්‍රේලියා වෙළඳ ගණුදෙනු නැවැත්වීමට පියවර ගන්නා ලෙසයි.
මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා ද දිගින් දිගටම චෝදනා කරන්නේ වෛරසය චීනයේ නිර්මාණයක් බවයි. ඔවුන් හිතාමතා හෝ අත්වැරදීමක් මුදා හැරියා නම් එය පිළිගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කරනවා.
එමෙන්ම, ට්‍රම්ප් පසුගිය දිනෙක මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු හා ගැටුණේද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම නිසාවෙනුයි.
කෙසේ වෙතත්, දැනටමත් බොහෝ රටවල් චීනයට ඇඟිල්ල දිගු කරන අතර මෙය චීනයේ වරදම බව ඔවුන් විසින් පෙන්වා දෙනවා.
වෛරසය ගැන කල්තියා හැඟවූ වෛද්‍යවරයාගේ මරණය ගැන සැකපහළ කරන බොහෝ පිරිසක් ඔහු විසින් යමක් හෙළි කරන්නට තැනුවද එය නොහැකි වූ බවද ඒ පිටුපස මහත් වූ අභිරහසක් පවතින බවද සඳහන් කරනවා.
මේ අතර, චීනයේ පරිගණක වැඩකරුවන් කිහිප දෙනෙකු ද අතුරුදහන් වීම ගැන ඇමරිකාවේ උකුස ඇස යොමව තිබෙනවා. මේ අතුරුදහන් වූ සියලු දෙනාම වුහාන්හි වෛරස් ව්‍යාප්තිය ගැන ලෝකයට හෙළිදරව් කරමින් සිටි පිරිසක්.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)
Share This Article