මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළට
Thursday, 14 May 2020 - 13:38 | Views - 591
මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, තවත් පුද්ගලයින් 63 දෙනෙක් රෝහලෙන් පිටත්ව යාමත් සමගයි.
එම පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙක් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ.
මේ දක්වා කොරෝනා ආසාදිතයින් 915 දෙනෙකු තහවුරු කරගැනීමට මෙරට සෞඛ්‍ය අංශ සමත් වුණා.
ඉන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
Share This Article