ජපාන අගමැති ජාතිය ඇමතීමට සූදානම්
Thursday, 14 May 2020 - 11:23 | Views - 839
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජපාන රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ එරට ජනතාව දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද ජාතිය ඇමතීමට නියමිතයි.
ජපානයේ ප්‍රාන්ත 47 කට කොරෝනා වසංගතය හේතුවෙන් හදිසි නීතිය පනවා තිබුණද ජපාන අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් ටෝකියෝ හැර ප්‍රාන්ත 39 ක හදිසි නීතිය ඉවත් කිරීමේ නිවේදනය දැනුම්දීමට නියමිතව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ලොව තුන්වන ඉහළ ආර්ථික මට්ටමක් පවතින ජපානයේ රෝග ව්‍යාප්තිය නිසා හදිසි නීතිය පැනවීමත් සමඟ එරට ආර්ථිකයේ වර්ධන වේගය අඩාල වුණා.
එරට සෞඛ්‍ය අංශද අනතුරු ඇඟවීම් කර ඇත්තේ පනවා ඇති හදිසි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වසංතයේ දෙවන රැල්ල ජපානයේද ඇතිවීමට ඉඩ ඇති බවයි. මේ වනවිට එරට ආසාදිතයන් 16,049 ක් වාර්තාවන අතර, මියගිය සංඛ්‍යාව 678 ක්.
Share This Article