බ්‍රසීලයේ රූපලාවණ්‍යාගාර අත්‍යවශ්‍ය සේවාවක් වුණ හැටි
Thursday, 14 May 2020 - 10:16 | Views - 487
ශාරීරික අභ්‍යාස ආයතන සහ රූපලාවණ්‍යාගාර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කළ බව බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ එරටින් දෛනිකව හමු වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන වාතාවරණය තුළයි. ඊයේ වනවිට එරටින් හමුවී තිබූ සමස්ත ආසාදිතයන් ගණන 168,331කි. 11,519ක් මිය ගොස් තිබෙනවා.
දේශයේ කටයුතු අත්හිටුවීම නිසා ආර්ථිකය බිඳ වැටී ඇතැයි ජනාධිපතිවරයා තර්ක කරයි.
ආර්ථිකය බිඳ වැටුණහොත් රෝහල් පවත්වාගත නොහැකි බවත්, වෛද්‍යවරුන්ට වැටුප් ගෙවිය නොහැකි වන බවත් ඒ අනුව ජනතාවට ජීවත්වීමේ හැකියාව නොලැබෙන බවත් ඔහු පවසා තිබෙනවා.
Share This Article