ස්පාඤ්ඤ උණෙන්, දරුණු යුද්ධයෙන් බේරුණු ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනාවෙන්ද සුවය ලබයි
ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වයිරසය වැළඳීමෙන් සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මාරියා බ්‍රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113ක් වනවා.
ඇයට කොවිඩ් - 19 වැළඳී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවයි.
නමුත් සති කිහිපයක් ස්වයං හුදකලා වීමෙන් පසු ඇය සුවය ලබා තිබෙන අතර ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
මාරියා 1918 - 1919 කාලයේ ඇතිවූ උණ වසංගටය ද 1936 - 1939 ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය කොරෝනා වසංගතයට ද සාර්ථකව මුහුණ දුන් කාන්තාවක් බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
"ඇයට දැන් සනීපයි. ඇය හරිම අපූරුයි, ඇගේ අතීතාවර්ජනාවන් සම්බන්දව පැහැදිලි කිරීමට ඇය කැමතියි." යැයි ඇගේ දියණිය කියා තිබෙනවා.
1907 වර්ෂයේදී මෙක්සිකෝවේ මාරියා උපත ඇති බවත් සදහන්.
එයින් වසර දෙකකට පසු ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ගොස් පළමු ලෝක යුධ සමයේදී ස්පාඤ්ඤයේ ගිරෝනා පළාත වෙත පැමිණ ඇත්තේ ඇගේ මාධ්‍යවේදී පියා සමගිනි.
මාරියා දරුවන් තිදෙනකු සිටින බවත් සදහන්.
ඇගේ වැඩිමල් දරුවාට මේ වනවිට වයස 86ක් වන අතර මාරියාට මුනුබුරු මිනිබිරියන් 11ක් සිටින අතර ඔවුන්ට ද දරුවන් 13 දෙනකු සිටියි. එනම් මාරියා මුනුබුරු මිනිබිරියන් 13කගේ මී මිත්තනියක් වනවා.
මාරියා පසුගිය දශක දෙක පුරා රැකවරණ නිවාසයක ජීවත් ඇති බවත් සදහන්.
පසුගිය වසරේ මාධ්‍යට අදහස් දක්වමින් මාරියා පවසා තිබුණේ තමාට ජීවත් වීම හැර වෙන කිසිවක් අවශ්‍ය නොවන බවයි.