'පිං දෙනවා බාර් ඇරියට' - කොරෝනා නිසා වහලා දාපු බාර් ඇරියම සූර් වෙන්න පෝලිම් ගැහිච්ච අපේ මිනිස්සුන්ගේ සතුට
Thursday, 14 May 2020 - 8:23 | Views - 911
කොළඹ - ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසැල් සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අද තීරණය කිරීමත් සමග බොහෝ මත්පැන් අලෙවිසැල් අසල විශාල පෝලිම් දක්නට ලැබුණු බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට පුරා පැනවූ ඇඳිරි නීතියත් සමග සියලූම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි,ඊයේ දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල මෙලෙස සුරාසැල් විවෘත කර තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබුණේ.
එසේම ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍රලාභී සුපිිරි වෙළඳසැල් ආශ්‍රිතව මත්පැන් අලෙවි කිරීමට අවසර හිමිවූ අතර, ඒ අනුව එම ස්ථානවල ද විශාල පිරිසක් රැදී සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, ඇතැම් මත්පැන් අලෙවිසැල් අසල සමාජ දුරස්ථභාවය ආදී සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය යොදවා තිබුණා.
Share This Article